2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

දෙමළ එපා: දමිල ඕනෑ - ඩග්ලස් දේවානන්ද

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 121

I සංජීවිකා සමරතුංග

තම ජනතාවට "දෙමළ ජනයා" නමින් ආමන්ත්‍රණය නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්ද මහතා ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන නායකයන්ගෙන් විවෘත ඉල්ලීමක් කර තිබේ.

ඩග්ලස් දේවානන්ද මහතා මෙම ඉල්ලීම පසුගියදා කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දේශපාලන පක්ෂ නායකයන් හමුවකදීය. එයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියේය.
එහිදී වැඩිදුරටත් මේ ගැන තොරතුරු දක්වා ඇති දේවානන්ද මහතා කියා ඇත්තේ තම ප්‍රජාවට (දෙමළ) නමින් ආමන්ත්‍රණය කිරීමෙන් ඔවුන්ගේ සිත් රිදෙන බවයි. එනිසා මින් ඉදිරියට දෙමළ ජනතාවට (දමිළ) නමින් අමතන ලෙස තමන් ඉල්ලා සිටින්නේ යැයිද හෙතෙම සඳහන් කර ඇත. ඇතැමුන් (දමිළ) ජනයා (ද්‍රවිඩ) ලෙස හඳුන්වන බව වැඩිදුරටත් කියා ඇති ඩග්ලස් දේවානන්ද එයද වැරදි ව්‍යවහාරයක් බව පැවසීය. (ද්‍රවිඩ) යන වචනය යොදන විටම ඉන්දීය උරුමයක් ඒ හා සම්බන්ධ වන බව කී හෙතෙම අප ශ්‍රී ලාංකිකයන් නිසා දමිළ ලෙස දෙමළ ජනයා අමතන ලෙස තමන් ඉල්ලා සිටින්නේ යැයි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.