2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

ජී.එස්.පී. දෙන්න පනත් 11 බැඳුම්කරයක් !

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 183

I ගයාන් ගාල්ලගේ

ජී.එස්.පී. බදු සහනය මෙරටට ලබාදීම සඳහා පනත් 11ක් සංශෝධනය කළ යුතු බවට යුරෝපා සංගමය විසින් රජයට දැනුම් දී ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. එම පනත් සංශෝධනය 11 අප්‍රේල් මස 26 වැනිදාට පෙර සිදුකළ යුතු බවද යුරෝපා සංගමය විසින් දැනුම් දී ඇත.

සංශෝධනය විය යුතු පනත් මොනවාදැයි වාර්තා නොවුණත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කිරීමට රජය තීරණය කර තිබේ.

යුරෝපා සංගමය දන්වා ඇති පරිදි එම පනත් 11 සංශෝධනය නොවුණහොත් ජී.එස්.පී. බදු සහනය ලබාදීම ගැන නැවත සලකා බැලීමට සිදුවන බවටද පෙන්වා දී ඇත.