2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

රන්ජන් කතාවේ හඬපටි ශ්‍රේෂ්ඨාධිකරණයට

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 322

I අධිකරණ වාර්තාකරු

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට විභාග කෙරෙන රජය විසුරුවා හැරීමේ නඩුවේ විනිසුරුවරුන්ට අදාළ වන ලෙස පෞද්ගලික රූපවාහිනී නාළිකාවක පැවති සංවාදයකදී කළ ප්‍රකාශය ගැන තීරණයක් ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පසුගියදා විශේෂ රැස්වීමක් පවත්වා ඇත.

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ අගවිනිසුරු නලින් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විශේෂ රැස්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හත් දෙනෙක් සහභාගී වූහ.

එහිදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කළැයි කියන ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටය ගෙන්වා පරීක්ෂා කිරීමට විනිසුරු මඩුල්ල තීන්දු කර තිබේ. ඒ අනුව අදාළ සංවාදය පැවැත්වූ රූපවාහිනී නාළිකාවෙන් වහාම ගෙන්වාගත් අදාළ වීඩියෝ දර්ශන ඇතුළත් සී.ඩී. තැටි මේ වනවිටත් විනිසුරුවරුන්ට බෙදාදී ඔවුන්ගේ නිරීක්ෂණ කඩිනමින් සපයන්නැයි අගවිනිසුරුවරයා දන්වා ඇතැයි වාර්තා වෙයි.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00