2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

මහින්ද අස්විය යුතුයි - රන්ජිත් මද්දුමබණ්ඩාර

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 129

ගයාන් ගාල්ලගේ I

නීත්‍යානුකුල ලෙස විශ්වාසභංග යෝජනාවක් සම්මත වී ඇති නිසා මහින්ද රාජපක්ෂ මහතා කඩිනමින් අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්වී ඇත්තේ නීත්‍යානුකූලව නොවන බව පැවසූ මන්ත්‍රිවරයා ඔහුට මේ දක්වා මැතිසබයේ බහුතර සහය ඇති බව පෙන්වාදීමට නොහැකි වී ඇති බවද කීය.

එනිසා එක්සත් ජාතික පක්ෂයට අගමැතිධූරය හිමිවිය යුතු බව කී මද්දුමබණ්ඩාර මහතා පක්ෂයේ අගමැතිවරයා පත්කිරීම ජනාධිපතිවරයාගේ කාර්යයක් නොවඑජාපයේ තීන්දුවක් බවත් ප්‍රකාශ කළේය.

දෙමළ ජාතික සන්ධානය සමඟ කිසිදු ගිවිසුමක් නැති බවත්, ඇත්තේ පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කොට උතුරැ නැගෙනහිර සංවර්ධනය කිරීමේ අරමුණ පමණක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත්  පැවසීය.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00