I ගයාන් ගාල්ලගේ
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ සම නායක ලෙසත් පත්කරන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
රනිල් වික්‍රමසිංග මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස බහුතර කැමැත්ත මත පත් කිරීමෙන් අනතුරුව පක්ෂය මැතිවරණ ජයග්‍රහණ සඳහා රැගෙන යාමට සම නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙස මන්ත්‍රීවරුන් විසින් යෝජනාවක් සම්මත කර ගැනීමට තීරණය කර තිබේ.
එසේම ඊට අමතරව පක්ෂයේ සියලු නිලතල සඳහා නව ක්‍රියාශීලි නායකයන් පත් කරන ලෙසටද යෝජනාවක් ගෙන ඒමටත් තීරණය කර ඇත.