I දේශපාලන වාර්තාකරු
නව ආණ්ඩුව පිහිටුවීමත් සමඟ හටගත් දේශපාලන අර්බුදයට හෙටට (26) මාසයක් සම්පූර්ණ වෙයි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තනතුරින් ඉවත්කොට නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කළේ පසුගිය මස 26දාය. ඉන් අනතුරුව දේශපාලන පක්ෂ මාරු ගණනාවක් සිදුවිය.
නව කැබිනට්ටුවක් පත් කළේය. මැතිසබයේ ආණ්ඩුවක් පවත්වාගෙන යාම සඳහා බහුතරය ඇත්තේ කාටද යන ප්‍රශ්නය තවමත් විසඳී නැත. ඒ අතර විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කොට සම්මත කරගත් බව එ.ජා.ප.ය ප්‍රමුඛ විපක්ෂය ජනාධිපතිවරයාට දැන්වූවද ජනාධිපතිවරයා එය පිළිගත්තේ නැත.
මැතිසබය විසුරුවීමට එරෙහිව පැවරූ නඩුව ලබන දෙසැම්බර් 04දා නැවත ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගෙන තීන්දුවක් ප්‍රකාශ කරනතුරු මෙම අස්ථාවර තත්ත්වය පවතිනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.