I සංජීවිකා සමරතුංග
පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ අතුරු සම්මත ගිණුම (අයවැය වෙනුවට ගෙනඑන) කෙටුම්පත් කිරීම සඳහා රජයේ නීති කෙටුම්පත් සම්පාදකට යොමු කරන ලද බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
2019 වසරේ ජනවාරි මස සිට 2019 අප්‍රේල් මාසය දක්වා රාජ්‍ය වියදම් පියවා ගැනීම පිණිස මෙම අතුරු සම්මත ගිණුම සකස් කෙරෙන අතර ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය විසින් එම කෙටුම්පත නැවතත් අනුමත කළ යුතුය.