2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

එජාප මන්ත්‍රීන්ගෙන් මහජන පෙත්සමක්

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 247

ගයාන් ගාල්ලගේ l

නැවත රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා පිළිගන්නා තෙක් නව ආණ්ඩුවට එරෙහිව වීදිබැස මහජන පෙත්සමක් අත්සන් කිරීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික් සහ නගර කේන්ද්‍ර කරගනිමින් උද්ඝෝෂණ, ජනතා විරෝධතා, රැස්වීම් පවත්වා මහජන පෙත්සම අත්සන් කිරීමට මන්ත්‍රීවරු කටයුතු කරති.

අත්සන් ලබා ගැනීමෙන් අනතුරුව එකී පෙත්සම කථානායකවරයාටත්, ජනාධිපතිවරයාටත් ලබාදීමට නියමිතව ඇත.