2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

පෙරළන හැටි බලමුකෝ - ඇමැති කිරිඇල්ල

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 47

I ගයාන් ගාල්ලගේ

එක්සත් ජාතික පෙරමුණ පක්ෂය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව පෙරළීම හිතන තරම් ලෙහෙසි නැති බව ආණ්ඩු පෙරළීමට උත්සහ ගන්නා කවුරුත් සිහියේ තබාගත යුතු බව අමාත්‍ය ලක්ෂන් කිරිඇල්ල මහතා දේශයට පැවසීය.

යහපාලන ආණ්ඩුවේ ජනවරම එක්සත් ජාතික පෙරමුණට ලැබී ඇති බවත් ඒ ජනවරම රැකගෙන 2025 වන තෙක් ආණ්ඩු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ආණ්ඩු පෙරළන සාකච්ඡා මාධ්‍ය විසින් ප්‍රකාශ කළත් සැබවින්ම එය සිදුකිරීමට කිසිදු කෙනකුට හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා කීය.

ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පිරිසක් නැවත බලයට පැමිණීම දේශපාලන සදාචාරය උල්ලංඝණය කිරීමක් බවද හෙතෙම පැවසීය.