
පාඩු ලබන තවත් රාජ්‍ය ආයතන 15ක් පිළිබඳ වාර්තාවක් එළඹෙන සභාවාරයේදී මැතිසබයට ඉදිරිපත් කරනු ලබන බව පොදු ව්‍යවහාරික කාරක සභාවේ (කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා දේශයට පැවසීය.
ඒ අනුව එම පාඩු ලබන රාජ්‍ය ආයතන 15 අතර සතොස, මාර්ග සංවර්ධන අධිකාරිය, රක්ෂණ සංස්ථාව, ඉංජිනේරු සංස්ථාව, විදුලි සංදේශ නියාමන කොමිසම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, රූපවාහිනී සංස්ථාව, විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, ආයුර්වේද සංස්ථාව, වරාය අධිකාරිය, කුරුණෑගල වැවිලි සංස්ථාව, සේවා නියුක්තිකයන්ගේ භාරකාර මණ්ඩලය යන ආයතන අයත් බව හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් අදාළ ආයතන සම්බන්ධයෙන් රජයට වූ පාඩුව තවම ගණන් බලා නොමැති අතර මේ දිනවල අදාළ ගණනය කිරීම් සිදුකරන බව හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තුව ලබන 07 වැනිදා රැස්වීමට නියමිතය.
I ගයාන් ගාල්ලගේ