2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

කෝටි 16ක කුරක්කන් ගෙන්වලා

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 160

I ව්‍යාපාරික වාර්තාකරු

පසුගිය වසරේ ශ්‍රී ලංකාවට විදේශ රටවල් ගණනාවකින් කුරක්කන් ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් දස ලක්ෂයක් වැයකර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

මුදල් අමාත්‍යංශය නිකුත් කළ 2017 වසර සඳහා වන වාර්ෂික මූල්‍ය වාර්තාවේ මේ බව සඳහන්ය. කාලයක් තිස්සේ ඉතාමත් සුළු වශයෙන් කුරක්කන් පිටරටවලින් ගෙන ආවද මේ තරම් විශාල කුරක්කන් තොගයක් රටට ගෙන්වූ ප්‍රථම අවස්ථාව මෙය බව ආර්ථික විශේෂඥයෝ පවසති.

අමෙරිකානු ඩොලර් දස ලක්ෂයකින් කළ කුරක්කන් ආනයනයේ දේශීය වටිනාකම රුපියල් දස ලක්ෂ 160ක් (කෝටි 16ක්) පමණය.