2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

ජවිපෙ විස්සට පක්ෂ සමඟ සාකච්ඡා

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

I ගයාන් ගාල්ලගේ

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අනෙකුත් පක්ෂ සමඟ නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා දේශයට පැවසීය.

මධ්‍යම කාරක සභාව විසින් පසුගියදා ගනු ලැබු තීරණයකට අනුව මෙම සාකච්ඡා ආරම්භ කිරීමට අදාළ පක්ෂ වෙත ලිපි යොමු කළ බව ද හෙතෙම සඳහන් කළේය.

පක්ෂවලට අමතර ආගමික නායකයන්, සිවිල් සංවිධාන, කණ්ඩායම් සමඟ මෙම සාකච්ඡා සිදුකෙරෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරත් කීය.

 

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00