2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

ජනපති වෙන්න මහින්දට පුළුවන්ද? ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසයි?

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 377

l දේශපාලන වාර්තාකරු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත්විය හැකිද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිරණයෙන් උපදෙස් විමසීම සඳහා දේශපාලන ක්‍රියාකාරිකයන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සැරසෙන බව දේශයට වාර්තා වෙයි.

2015 වසරේ සම්මත කරන ලද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් යම් තැනැත්තකුට ජනපති ධූරය දැරිය හැකි වාර ගණන දෙකකට සීමා කර තිබේ. එහෙත් එම ව්‍යවස්ථා සංශෝධනය සිදුව ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ධූරයෙන් ඉවත්ව සෑහෙන කලකට පසු බැවින් ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලපාන්නේ නැති බවට නීති විශාරදයන් ගණනාවක් තර්ක ඉදිරිපත් කර තිබිණි. මේ සම්බන්ධයෙන් (දේශය) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගෙන් ද කරුණු විමසූ පසු එවන් නීති විශාරද මතයක් ඉදිරිපත්ව ඇතැයි ඔහු සනාථ කළේය. ඒ අතර අප වෙත වාර්තා වූයේ දේශපාලන ක්‍රියාකාරිකයන් පිරිසක් මෙම ප්‍රශ්නය ගැන නීති උපදෙස් පතා ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට සැරසෙන බවයි.