2018 ජුලි 21 වන සෙනසුරාදා

සොඳුරු අඥාදායකයෙක් රටට ඕනෑ - එස්.බී.

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

I ගයාන් ගාල්ලගේ

ආඥාදායක දේශප්‍රේමියෙක් රටට අවශ්‍ය යැයි තමන් විශ්වාස කරන බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා දේශයට පැවසීය.

තමන් ඉස්සර සිටම ප්‍රජාතන්ත්‍රවාදයට කැමැත්තක් නැති බවත් රටට සොඳුරු ආඥාදායකත්වයක් අවශ්‍ය බවත් හෙතෙම සඳහන් කළේය. ලෝකයේ කඩා වැටුණු බොහොමයක් රටවල් නැගී සිටියේ එවැනි දැඩි පාලනයක් නිසා බවද දිසානායක මහතා කීය. ඒ නිසා වර්තමානයේ ඇතිව තිබෙන පාතාලය, එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදීන් පරාජය කිරීම සඳහා දැඩි පාලකයකු රටට අවශ්‍ය බව ඒ මහතා පැවසීය.