2018 ජුලි 14 වන සෙනසුරාදා

වධක රාජකාරියට හිටපු දෙන්නාම?

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 304

ජයන්ත සමරකෝන් l

ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ඕනෑම මොහොතක ක්‍රියාත්මක කරන්නේ නම් (වධක රාජකාරිය) බාරගැනීමට තමන් සූදානම් යැයි හිටපු වධකයෝ දෙදෙනා පවසති. මීගමුව සරත් පුෂ්පකුමාර (36) හා බියගම යූ.ඩී. පද්මසිරි යන මොවුන් දෙදෙනාම හිටපු හමුදා සෙබළු වෙති.

ඉල්ලුම්පත් 167 ක් අතුරින් (වධක රාජකාරිය) සඳහා තෝරාගත් මොවුන් දෙදෙනා මාස 1 ½කදී ලැබූ විධිමත් පුහුණුව අවසන් කර නිවාඩු ලබාගොස් නැවත සේවයට වාර්තා නොකිරීමේ චෝදනාව මත සේවය හැරගිය බවට කටයුතු කරනු ලැබුවේ 2013 පෙබරවාරියේදීය.

එම වධක තනතුරු දෙකට ඉල්ලුම්පත් කැඳවීම ලබන සතියේ සිදුකරන බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා ඊයේ පැවසීය.