I ජයන්ත සමරකෝන්
විවිධ හේතුන් මත මරණ දඬුවම නියම වූ 1239ක් දිවයින පුරා බන්ධනාගාරගතව සිටින බව එම මූලස්ථානය අනාවරණය කරයි.
මේ අතරින් 370 දෙනෙක් නියත වශයෙන්ම මරණ දඬුවමට ලක්ව සිටින අතර 869 දෙනෙක් ඊට එරෙහිව අභියාචනා මත සිටින බවද සඳහන් වේ.
නියත වශයෙන් මරණ දඬුවම නියම වූ කාන්තාවන් සිව්දෙනෙක්ද, අභියාචනා මත සිටින කාන්තාවන් 36ක්ද මේ අතර වෙති.
මත්ද්‍රව්‍ය චෝදනා මත මරණ දඬුවම නියම වූ 80 දෙනෙක් බන්ධනාගාරගතව සිටින බවද එම මූලස්ථානය සඳහන් කරයි.
මේ අතරින් සිරකරුවන් 17ක් හා කාන්තාවක් මත්ද්‍රව්‍ය චෝදනා මත නියත වශයෙන්ම මරණ දඬුවමට ලක්ව සිටින අතර, තවත් 62ක් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇතැයිද එම මූලස්ථානය පවසයි. අභියාචනා මත සිටින 47ක් පිරිමි සිරකරුවන් වන අතර 15ක් කාන්තාවෝ වෙති.
මත්ද්‍රව්‍ය චෝදනා මත ජීවිතාන්ත සිර දඬුවම් ලැබූ පිරිමි සිරකරුවන් 175ක් හා කාන්තාවන් 26ක්ද ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර සිටින පිරිමින් 88ක් හා කාන්තාවන් 18ක්ද වන බව එම මූලස්ථානය පෙන්වා දෙයි.
මෑත ඉතිහාසයේ අධිකරණ නියෝග මත පුද්ගලයකුට අවසන් වරට මරණ දඬුවම ලබාදී ඇත්තේ 1976 වසරේ ජූනි මස 23දාය.