දේශපාලන වාර්තාකරු l
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීන්දු කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් විසින් මෙම තීන්දුව ගත් බව දේශයට වාර්තා වෙයි. දැනට ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ධුරය ජනමත විචාරණයක් නොපවත්වා අහෝසි කළ නොහැකි බවට තර්ක කරමින් මෙයට අදාළ පෙත්සම සකස් කරන බව ඒකාබද්ධ විපක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෝ පැවසීය.
ඊට අදාළ පෙත්සම සකස් කිරීම මහාචාර්ය ජී.එල්. පීරිස් හා තවත් ජනාධිපති නීතිඥවරැන් පිරිසක් විසින් සිදුකිරීමට නියමිත බවද එම ප්‍රකාශකයා කීය.