
I ගයාන් ගාල්ලගේ
එක්සත් ජාතික පක්ෂයේ කැරළිකාර පසුපෙළ මන්ත්රීන් සඳහා ඉදිරියේදී අධීක්ෂණ මන්ත්රීධූර සහ සංවර්ධන කටයුතුවලට රුපියල් මිලියන 300ක මුදල් ප්රතිපාදන ලබාදීමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විසින් යෝජනා කර ඇතැයි පසුපෙළ කණ්ඩායමේ මන්ත්රීවරයෙක් දේශයට පැවසීය.
පසුගියදා අග්රාමාත්යවරයාට පසුපෙළ මන්ත්රීවරුන් හමුවූ අවස්ථාවේ මෙම යෝජනාව ඉදිරිපත් වූ බව එම මන්ත්රීවරයා සඳහන් කළේය. අදාළ යෝජනාවට පසුපෙළ මන්ත්රීවරු දැනටමත් සිය කැමැත්ත පළකර ඇති බවද ඔහු කීය.එසේම එදින හමුවේදී පසුපෙළ මන්ත්රීවරුන් සකසන ලද වාර්තාවක්ද අග්රාමාත්යවරයාට ලබාදුන් අතර ඊට අග්රාමාත්යවරයා විසින් සුබවාදී ප්රතිචාර දැක්වූ බව එම මන්ත්රීවරයා වැඩිදුරටත් කීය.
ඉදිරියේදී තවත් සාකච්ඡා වටයක් අග්රාමාත්යවරයා සමඟ පැවැත්වෙන බව මන්ත්රීවරයා සඳහන් කළේය.