2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

ආණ්ඩුවේ ඉන්නවාද? ශ්‍රීලනිප තීන්දුව ලබන 15 වැනිදා

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 125

I දේශපාලන වාර්තාකරු

එ.ජා.ප, ශ්‍රී ල.නි.ප සම්මුතිවාදී රජයේ තවදුරටත් කටයුතු කරන්නේදැයි තීන්දු කෙරෙන තිරණාත්මක ශ්‍රී.ල.නි.ප. විධායක සභා රැස්වීම මැයි මස 15 දින පැවැත්වීමට නියමිත බව ශ්‍රී.ල.නි.ප ආරංචි මාර්ග කියයි.

එදින රාත්‍රී 7.00ට ජනාධිපති නිවසට ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව කැඳවීමෙන් පසු රජයෙන් ඉවත් වූ 16 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායම රජයෙන් ඉවත්විය යුතුය යන යෝජනාව මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ. අනතුරුව ඒ ගැන තීන්දුවක් ගැනීමට නියමිත බව ශ්‍රී ල.නි.ප. ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.