
ගයාන් ගාල්ලගේ l
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු ලෙස තවදුරටත් ක්‍රියාකළ යුතු බව ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ සරත් අමුණුගම කමිටුව විසින් තීරණය කර ඇතැයි ශ්‍රී ල.නි.ප. ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. ඒ සඳහා එජාපය සමඟ නව ගිවිසුමක් අත්සන් කිරීමටත් එම කමිටුව විසින් තීරණය කර ඇත.
ඊට අදාළ ගිවිසුම මේ වනවිට සකසා ඇති අතර එය ජනාධිපතිවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සමුළුවට සහභාගි වී නැවත මෙරටට පැමිණි සැණින් ඉදිරිපත් කිරීමට කමිටුව සූදානම්ව සිටියි.
ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයේ වෙනසක්ද සහිතව සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය වී තිබේ.