2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

අමෙරිකාවට බ්‍රිතාන්‍යයට අපේ තානාපතිලා නෑ

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

I දේශපාලන වාර්තාකරු

ලෝකයේ බලවත්ම රාජ්‍යයන් දෙකක් ලෙස සැලැකෙන අමෙරිකා එක්සත් ජනපදයට හා මහ බ්‍රිතාන්‍යයයට ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරුන් පත් නොකිරීම බරපතළ ගැටලුවක් වී ඇතැයි දේශයට වාර්තා වෙයි.

අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිටි තානාපතිවරයා පමණක් නොව නියෝජ්‍ය තානාපතිවරයා ද සිය ධුර කාලයන් හමාර කොට ශ්‍රී ලංකාවට පැමිණ මාස 8ක් පමණ ගතවී ඇත. එහෙත් මේ දක්වා ශ්‍රී ලංකාවෙන් අමෙරිකාවට තානාපතිවරයකු හෝ නියෝජ්‍ය තානාපතිවරයකු පත්කර නැත. එසේම පසුගිය මාර්තු 31 දා සිට බ්‍රිතාන්‍යයේ සිටි ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ද ධුර කාලය හමාරකොට ශ්‍රී ලංකාවට පැමිණියාය. ඒ වෙනුවෙන්ද කිසිදු පත්කිරීමක් මෙතෙක් කර නැත. මේ දිනවල ශ්‍රී ලංකා ජනාධිපතිගේ බ්‍රිතාන්‍ය සංචාරයේ දී රාජකාරි භාරව සිටින්නේ බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය මහ කොමසාරිස් සුගීෂ්වර ගුණරත්න මහතාය.

ශ්‍රී ලංකාව අමෙරිකාවට හා මහා බ්‍රිතාන්‍යයට තානාපතිවරුන් පත්කර නැතත් එම රටවල් දෙක විසින් ශ්‍රී ලංකාවට පත්කරන ලද තානාපතිවරැ කොළඹ සිට රාජකාරි කරති.