2018 අප්‍රේල් 13 වන සිකුරාදා

විධායක ජනපති ක්‍රමය ඉවත් කරන්න ජවිපෙන් යෝජනා - විජිත හේරත්

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 46

ගයාන් ගාල්ලගේ l

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වනවිට කෙටුම්පත් කොට අවසන් බවත් එය මැයි මස මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා (දේශයට) පැවසීය.

එම කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ඇතුළු සියලුම පක්ෂ සමඟ සාකච්ඡා කරන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. මේ වනවිට නොනිල මට්ටමින් පක්ෂ අතර සාකච්ඡා සිදුකර තිබෙන අතර ඉදිරියේදී නිල වශයෙන්ද මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව මන්ත්‍රීවරයා කීය.

20 වැනි සංශෝධනය මගින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු සංශෝධන රැසක් සිදුකිරීමට නියමිතව ඇත.