2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

ආණ්ඩුවෙන් යන්න අවසර දෙන්න - විශ්වාසභංගයට පක්ෂ වූ ශ්‍රීලනිප ඇමැතිවරු

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 239

සංජීවිකා සමරතුංග l

පාර්ලිමේන්තුවේදී පසුගියදා විවාදයට ගැනුණු අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්, රාජ්‍ය ආමාත්‍යවරුන් ඇතුළු දහසය දෙනා තමන්ට රජයෙන් ඉවත් කිරීමට අවසර දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

 

ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම ලිඛිත ඉල්ලීම බාර දී ඇත්තේ පසුගිය සිකුරාදා (06 වැනිදා) උදෑසනය. මෙකී ලිපියට අත්සන් තබා තිබුණේ කැබිනට් අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන, චන්දිම වීරක්කොඩි, දයාසිරි ජයසේකර යන කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය ඇමැතිවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා ඇතුළු මැති ඇමැතිවරැ 16 දෙනෙකි.

ලිපිය බාරගනිමින් අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන්ගෙන් මෙකී ඉල්ලීම පිළිබඳව අවසන් තීන්දුව ගතයුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී බැවින් ලබන සතියේ මාධ්‍යම කාරක සභාව කැඳවා තීන්දුවක් ගන්නා තෙක් ඉවසිල්ලෙන් සිටින ලෙස මැති ඇමැතිවරැන්ගෙන් ඉල්ලා ඇතැයි කියවේ.