2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

එජාප - ශ්‍රීලනිප මහලේකම්ලා අලුතින්

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 327

සංජීවිකා සමරතුංග l

එ.ජා.පයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් තනතුරු දෙක සඳහාම නව පත්වීම් සිදුකිරීමට එම පක්ෂ තීන්දු කර ඇත.

එහි ප්‍රථම පියවර ලෙස එ.ජා.ප මහ ලේකම් ධූරය මෙතෙක් දැරූ කබීර් හෂීම් මහතා තනතුරින් ඉවත් වූ අතර එම තනතුරට නියෝජ්‍ය මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පත්කෙරෙන බව දැනගන්නට ඇත. 

ඒ සමඟ ශ්‍රී.ල.නි.ප මහ ලේකම් තනතුර දැනට දරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද එම තනතුරින් ඉවත් කිරීම බොහෝ විට ඉදිරි සතියේ සිදුවනු ඇතැයි කියැවේ. මේ තනතුර සඳහා ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පත්කෙරෙන බව ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග කියයි. එසේම ශ්‍රී.ල.නි.ප ජාතික සංවිධායක ධූරයට තිලංග සුමතිපාල මහතා පත් කිරීමට ඉඩ ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.