2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

පුංචි ආණ්ඩු මන්ත්‍රී ගාණ බාගෙට බස්සයි

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

දේශපාලන වාර්තාකරු l

පළාත් පාලන ආයතනවල මහජන සේවාවන් සඳහා මන්ත්‍රීන් අටදහස් ගණනක් මේ රටට අවශ්‍ය නොවන බැවින් එයින් 50% අඩුකර දැමීම සඳහා ළඟදීම මැතිසබයට අණපනත් ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

පසුගිය සිකුරාදා පෙරවරුවේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණයෙන් පැවසීය.

මේ වැරදි ක්‍රමය නිසා පළාත්පාලන ආයතන මන්ත්‍රීන් පවා මුදලට විකිණෙන තත්ත්වයට පත්ව ඇතැයි කී ජනපතිවරයා විධිමත් පළාත් පාලන පද්ධතියකට මෙතරම් මන්ත්‍රීන් අවශ්‍ය නොවන බව සඳහන් කළේය. මෙම මන්ත්‍රී සංඛ්‍යාව රටටද බරක් වී ඇති බවද ජනපතිවරයා කීය.