2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

එජාප ප්‍රතිසංවිධාන සති අන්තයේදී - ඇමැති රන්ජිත් මද්දුමබණ්ඩාර

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

රජිත ජගොඩ ආරච්චි l

මේ සති අන්තය තුළ එක්සත් ජාතික පක්ෂයට අදාළ සියලු ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා දේශයට පැවසීය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීම සහ යහපාලන ආණ්ඩුව ආරක්ෂා කරගැනීමේ අරමුණ සහිතව මෙම පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකරන බවය. 

තවද මෙම පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු හරහා පක්ෂයේ තරුණ නායකයන්ට වැඩි වගකීමක් හිමිවනු ඇති බවට ද ඇමැතිවරයා විශ්වාසය පළකළේය.

කෙසේ වුවද පක්ෂ මහ ලේකම් ධූරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව කළ විමසීමේදී අමාත්‍යවරයා පැවසූයේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවයෙන් ඒ පිළිබඳ තීරණයක් ගනු ඇති බව ය.