2018 මාර්තු 31 වන සෙනසුරාදා

නිමල් සිරිපාල - එස්.බී. අගමැතිට අඳිති

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

I දේශපාලන වාර්තාකරු

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි තවදුරටත් විශ්වාසය තබන බවට එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබියදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අගමැති සටනක් ආරම්භ වී ඇතැයි දේශයට වාර්තා වෙයි.

මෙම සටනට අවතීර්ණව ඇත්තේ නිමල් සිරිපාල අමාත්‍යවරයා සහ එස්.බී. දිසානායක අමාත්‍යවරයා බව දැනගන්නට ඇත. පක්ෂයේ එක්තරා ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මුල සිටම නිමල් සිරිපාල අමාත්‍යවරයාට සහාය පළකරද්දී තවත් පිරිසක් හා සුළු පක්ෂ කණ්ඩායම් ගණනාවක් සමඟ සාකච්ඡා කළ එස්.බී. දිසානායක මහතා තමන්ට සහාය දෙන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වෙයි. එස්.බී. පක්ෂයට යෝජනා කිරීමට යන්නේ යම්හෙයකින් විශ්වාසභංගයට පෙර හෝ ඉන්පසු නව අගමැතිවරයකු පත්කරන්නට සිදුවුවහොත් ඒ තැනැත්තා ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායමේ බහුතර ඡන්දයෙන් තෝරාගත යුතු බවයි. මේ නිසා ශ්‍රී.ල.නි.ප ඇතැම් ජ්‍යෙෂ්ඨයන් අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇතැයි කියැවේ.