2018 මාර්තු 31 වන සෙනසුරාදා

ග්ලයිෆොසේට් නැතුව බෑ... සමාගම් ගණනාවක් කියයි

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

I ගයාන් ගාල්ලගේ

රජය විසින් පනවා ඇති ගල්යිෆෝසෙට් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සමාගම් කිහිපයක් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

පසුගිය සතිය තුළද ඇතැම් සමාගම් දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් ග්ලයිෆෝසෙට් ශරීරයට අහිතකර කෘෂි රසායනයක් නොවන බවත් ලොව භාවිත වන සාමාන්‍ය කෘෂි රසායනයක් බවත් පෙන්වා දී තිබේ. එසේම ග්ලයිෆෝසෙට් නොමැතිව මෙරට කෘෂි කර්මාන්තය කඩා වැටී ඇති බවද ඔවුන් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් මේ කිසිදු ලිපියකට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් පිළිතුරු ලබාදී නැත.