2017 ජනවාරි 14 වන සෙනසුරාදා

ලංවිම කෝටි තුන්දාහක් පුච්චාගනියි?

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88


හදිසි අවශ්‍යතා වෙනුවෙන් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගතහොත් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 3000ක පමණ (බිලියන 30) පාඩුවක් සිදුවන බව නම් සඳහන් කිරීමට අකැමැති වූ විදුලිබල මණ්ඩල ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

පවතින නියං තත්ත්වය හේතුවෙන් විදුලිය මෙගාවොට් 180ක් පමණ පෞද්ගලික අංශයෙන් මිලට ගැනීමට පසුගියදා අමාත්‍ය මණ්ඩලය විදුලිබල අමාත්‍යංශයට අවසර දුන්නේය. මේ තත්ත්වය ගැන වැඩිදුරටත් කරුණු දැක්වූ මණ්ඩල ප්‍රකාශකයා කීවේ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ මෙගාවොට් 300ක් ජනනය කළ හැකි විදුලි ජනක යන්ත්‍රයක් ඔක්තෝබර් මස 15 දින සිට අද දක්වාම අක්‍රිය වී තිබීම නිසා මෙම ගැටළුව හටගෙන ඇති බවය. එම යන්ත්‍රය මේ දක්වා අලුත්වැඩියා කර නොමැති වීමෙන් පෞද්ගලික අංශයේ බලාගාර තුනකත් විදුලිය මිලදී ගැනීමට සිදුවනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් කීය. පෞද්ගලික අංශය විදුලිය ඒකකයක් අලෙවි කරන්නේ රුපියල් 23/-කට පමණය. නොරොච්චෝලේ බලාගාරයේ විදුලිය ඒකකයක් හදන්නට වැයවන්නේ රුපියල් 13/- ක පමණ මුදලකි.

ව්‍යාපාරික වර්තාකරු |