
I ගයාන් ගාල්ලගේ
විශ්වාසභංග යෝජනාවට පෙර එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් සකසන ලෙසට එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් අග්‍රාමාත්‍යවරයාට යෝජනා කර තිබේ.
මෙම විශ්වාසභංගය පැරදවීමටත් එසේම එජාපය නගා සිටුවීමටත් සාර්ථක සහ එකම ක්‍රමය එය බව ඔවුන් පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් එයට අග්‍රාමාත්‍යවරයා නිශ්චිත පිළිතුරක් ලබාදී නැති අතර පසුපෙළ මන්ත්‍රීවරුන් දිගින් දිගටම එම යෝජනාව ඉෂ්ඨ කරන ලෙසට අග්‍රාමාත්‍යවරයාට බලකරන බව එම කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් දේශයට පැවසීය.