2018 මාර්තු 17 වන සෙනසුරාදා

කණු ඇදිල්ලෙන් චම්පික ඉවත්වෙයි

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

I දේශපාලන වාර්තාකරු

නාගරික සංවර්ධන අමාත්‍යංශය කොළඹ කුණු ඉවත් කිරීමේ කාර්ය ජනවාරි මස 01 දා සිට අත්හිටවූ බව මහනගර සංවර්ධන හා නාගරික සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා දේශයට කීය.

ඊට ප්‍රධාන හේතුව අලුතෙන් පත්වන කොළඹ මහනගර සභාව එම වගකීම දැරිය යුතු නිසා යැයි කී අමාත්‍යවරයා ජනතාව කැළිකසළ වෙන් නොකර බැහැර කිරීම නිසා කසළ ප්‍රවාහනයේ දී බරපතළ ප්‍රායෝගික ප්‍රශ්න හටගත් බව සඳහන් කළේය.

එහෙත් තම අමාත්‍යාංශය සතුව දිනකට කැළිකසළ මෙට්‍රික් ටොන් 1000ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි යන්ත්‍රාගාරයක් මුතුරාජවෙල පිහිටා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ජනතාව කැළිකසළ වෙන්කොට නිසි පරිදි බැහැර කරන්නේ නම් නගරයේ කසළ ඉවත් කළ හැකි යැයි ද ප්‍රකාශ කළේය.