2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

ප්‍රබල මැති ඇමැති තිදෙනෙක් CID යට

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1485

I ගයාන් ගාල්ලගේ

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රශ්න කිරීම සඳහා ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමැතිවරුන් තිදෙනකු කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතව ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන් දෙදෙනකු දැනට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අය වන අතර එක් අයකු හිටපු අමාත්‍යවරයෙකි.

ඔවුන්ගෙන් ලබාගන්නා ප්‍රකාශ අනුව බැඳුම්කර වංචාවට අදාළ පරීක්ෂණ තීරණාත්මක අදියරකට එළඹෙනු ඇතැයි දැනගන්නට තිබේ.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00