2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

ශ්‍රීලනිපය ඡන්දෙට ලකුණු 4 කින් - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

I ගයාන් ගාල්ලගේ

මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලකුණු හතරකින් පළාත් පාලන ආයතන 336ක් සඳහා තරග වදින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

අත, බුලත් කොළය, කුකුලා සහ අශ්වයා යන ලකුණු 04න් පළාත් පාලන ආයතන 341න් ආයතන 336ක් සඳහා තරග වදින බව හෙතෙම සඳහන් කළේය. මැතිවරණයෙන් පසුව එම ලකුණු හතරට ලැබෙන ඡන්ද සියල්ල පොදුවේ ශ්‍රීලනිපයට ලැබුණු ඡන්ද ලෙස ප්‍රකාශයට පත්කරන බවද ජනාධිපතිවරයා කීය. විශේෂයෙන් හොරුන්ට දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් මේ මැතිවරණයේදී ජනතාව තමන්ව ශක්තිමත් කළ යුතු බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.