
I රජිත ජාගොඩආරච්චි
මෙවර පළාත් පාලන ඡන්දයෙන් අනතුරුව එජාපයට බහුතරය දිනාගත නොහැකි වන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව කටයුතු කිරීමට එජාපය සූදානමින් පසුවන බව එක්සත් ජාතික පක්ෂ නායක අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
එහිදී ශ්රී ලංකා නිදහස් පක්ෂයට අමතරව උතුරු සහ නැගෙනහිර පළාත්වලදී වෙනත් පාර්ශ්ව සමඟ මෙන්ම ස්වාධීන කණ්ඩායම් සමඟ වුවද සාකච්ඡා කිරීමට එජාපය සූදානම් බව ද අග්රාමාත්යවරයා ප්රකාශ කළේය.
මේ මොහොතේ ආණ්ඩුවේම පිරිස් අතර විවිධ අදහස් විවේචන දක්නට ලැබුණ ද එය හුදෙක් මැතිවරණ උණුසුම නිසා මතුව ඇති තත්ත්වයක් පමණක් බව ද වික්රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
පසුගියදා දෙරණ නාලිකාව සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ කරුණු ප්රකාශ කර සිටියේය.