
I ගයාන් ගාල්ලගේ
2020දී ජනතා ආණ්ඩුවක් සැකසීම සඳහා සංඥාවක් මෙවර පළාත් පාලන මැතිවරණය හරහා ජනතාව ලබාදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එම ජනතා ආණ්ඩුව දූෂිතයන් සහ වංචාවෙන් තොර ආණ්ඩුවක් විය යුතු බවත් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නුසුදුසු බවත් සුදුසු එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බවත් බව සඳහන් කළේය.
ඒ නිසා ප්‍රථමයෙන් ජවිපෙට ගම බාරදී ගමේ ජනතාවගේ බදු මුදල් හොරාගත් යුගය අවසන්කොට 2020දී රටේ මුදල් සොරා නොකන ආණ්ඩුවක් සැකසීම සඳහා බලය ලබාදෙන ලෙසට ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.