2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

ඡන්දය රකින්න බලකා 4 ක්

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

I දේශපාලන වාර්තාකරු

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනවල හඳුනාගත් ප්‍රදේශ ගණනාවකට පොලීසිය ආරක්ෂක හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යෙදවීමට රජය තීරණය කර තිබේ. මේ හැර සිවිල් ආරක්ෂක සේවාවේ නිලධාරීන්ගේ සහායද මෙවර ඡන්දයේ ආරක්ෂාව සඳහා යොදාගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් දේශයට කීය.

දිවයිනේ ඡන්ද පොළවල් 14,350ක් පමණ ක්‍රියාත්මකය. ඡන්දය පැවැත්වීමෙන් පසු එම ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්දය ගණන් කෙරේ. එහෙත් කුඩා ඡන්ද මධ්‍යස්ථාන තිබෙන ප්‍රදේශවලදී එම මධ්‍යස්ථාන කිහිපයක් එක්කොට ඡන්ද ගණන් කරනු ලැබේ.

පොලීසියෙන් පමණක් මෙවර මැතිවරණයේ ආරක්ෂාවට නිලධාරීන් 80,000ක් යෙදවෙති. කිසියම් ඡන්ද නීති උල්ලංඝනයක් සිදුකළහොත් උපරිම බලය යොදා එම තත්ත්වයන් පාලනය කරන ලෙස දැනටමත් අදාළ අංශවලට උපදෙස් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.