2018 ජනවාරි 27 වන සෙනසුරාදා

බැඳුම්කර නඩුවට ත්‍රිපුද්ගල උසාවියක්

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 335

I දේශපාලන වාර්තාකරු

බැඳුම්කර ගනුදෙනුව හා මහාපරිමාණ වංචා දූෂණ කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට අදාළ නව නීතිපනත් මාර්තු මාසයේදී සම්මත කරගෙන එම නඩු විභාග විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලකගෙන් සමන්විත අධිකරණයකදී කඩිනමින් විභාග කොට හමාර කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සම්බන්ධව ජනාධිපතිවරයා නීතිපතිවරයා වෙත විශේෂ උපදෙස් නිකුත් කර ඇති අතර නව නීති සම්පාදනය ඉදිරි සති කිහිපය තුළ සිදුකිරීමට රජය තීන්දු කර තිබේ. දැනටමත් මෙයට අදාළ නෛතික කටයුතු අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු මහත්මියගෙන් සමන්විත සිව්පුද්ගල නීති විශාරද මණ්ඩලයක් විසින් ආරම්භ කර ඇති බව දැනගන්නට තිබේ.

බැඳුම්කර විශේෂ ජනාධිපති කොමිසමේ පිටු දහස් ගණනකින් සමන්විත සාක්ෂි සටහන් හා රහස්‍ය ලිපිලේඛන සියල්ල මේ සතියේ ඉදිරි නීති කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත එවන ලෙස මෙම කොමිසමේ හිටපු ලේකම්වරයා වෙත නීතිපතිවරයා දැනුම් දී තිබේ. එයින් කොටසක් ගිය සිකුරාදා නීතිපතිවරයාවෙත එවා තිබිණි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00