
I දේශපාලන වාර්තාකරු
ලබන මස 11 දා ලැබෙන පළාත් පාලන මැතිවරණ ප්රතිඵලයට බිය නොවී කඩිනමින් පළාත් සභා මැතිවරණය ද කැඳවන ලෙස තමන් රජයට කියන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයට කීය.
අග්රාමාත්යවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ප්රතිඥා දුන්නේ කල්දමන ලද පළාත් සභා තුනේ ඡන්ද මාර්තු 31 වනවිට කැඳවන බවයි. එසේ වුවත් තවමත් පළාත් සභා ඡන්ද සූදානමක් දක්නට නැතැයි කී රාජපක්ෂ මහතා ඉදිරියේ පළාත් සභා මැතිවරණයත්, ඉන්පසුව ජනාධිපතිවරණයත් එන නිසා මැතිවරණ වර්ෂයක් උදාවන්නේ යැයිද කීය. රජය කුමක් කීවත් යහපාලනයේ බොල් අස්වැන්න ලබන මාසයේ ලැබෙන බැවින් රජය ජනමතයට බිය වී සිටිතැයි ද හෙතෙම සඳහන් කළේය.