
දේශපාලන වාර්තාකරු l
පසුගිය වසර 10ක කාලය තුළ පැවති ආණ්ඩු රුපියල් ට්‍රිලියන 10ක පමණ ණය ලබාගෙන ඇතත් ඒ ප්‍රමාණයෙන් දැනට වත්කම් ලෙස ඉතිරිව ඇත්තේ රුපියල් ට්‍රිලියන 1ක් පමණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
ඊයේ පෙරවරුවේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති විශේෂ හමුවකදී මෙම ප්‍රකාශය කළ ජනාධිපතිවරයා ඉතිරි මුදලට සිදුවූ දේ තමන් නොදන්නා බවද සඳහන් කළේය.
පසුගිය කාලයේ රජයට ලැබිය යුතු ආදායම ඇතැම් පෞද්ගලික සමාගම්වලට හරවා තිබූ බවද ජනාධිපතිවරයා විශේෂයෙන් පැවසීය.