
I ගයාන් ගාල්ලගේ
කැබිනට් මණ්ඩලය විසින් සාමූහිකව ගනු ලැබූ ලැබූ ප්‍රතිපත්ති ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන් විසින් මැතිවරණ වේදිකා තුළ විවේචනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුම්වත් කරන ලෙස ඉල්ලා එ.ජා.ප. මැති ඇමැතිවරුන් පිරිසක් මේ සතියේ අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කිරීමට නියමිතව ඇතැයි නම් සඳහන් කිරීමට අකමැති එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයකු දේශයට පැවසීය.
එම ඇමැතිවරුද කැබිනට් මණ්ඩලයේ දී එකී යෝජනාවලට අත ඔසවා එකඟතාවය පළකර පසුව විවේචනය කිරීම කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වයට කරනා පහරක් බවත් එසේම යහපාලන රජයේ ප්‍රතිපත්ති ජනතාව ඉදිරියේ හෑල්ලු කිරීමක් බවත් එම මැති ඇමැතිවරුන් විසින් අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දීමට නියමිතය.
එසේම ඇතැම් ප්‍රතිපත්ති රටට අහිතකර ප්‍රතිපත්ති බව පවසමින් ඒවා එ.ජා.ප.යේ යෝජනා ලෙස චෝදනා කිරීම මත ඉදිරියේදී කැබිනෙට්ටුව තුළ එකට වැඩිවීම ගැන දෙවරක් සලකා බැලිය යුතු බවට ඔවුන් අග්‍රාමාත්‍යවරයාට දන්වන බව එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා පැවසීය.