දේශපාලන වාර්තාකරු l
මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන චෝදනා ලැබූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ වෙළෙඳ සමාගම්වල බැංකු ගිණුම් සියල්ල අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ගිය සතියේ තීන්දු කළ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුවූ පාඩු පියවා අලාභ සහ දඩ මුදල් අයකරගැනීම පිණිස මෙම තීරණය ගත් බව දැනගන්නට තිබේ.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ ප්‍රධාන වෙළෙඳ සමාගම් ගණනාවක් වෙයි. එහෙත් මේ මාසේ ගිණුම් අත්හිටුවීමේදී අදාළ වෙළෙඳ සමාගම්වල රැකියා කරන සේවක සේවිකාවන්ගේ රැකියා සඳහා සහන සැලැසීමේ ක්‍රමවේදයක් ද මහ බැංකුව විසින් සකස්කර ඇතැයි දැනගන්නට තිබේ.