2018 ජනවාරි 27 වන සෙනසුරාදා

ඌවේ මහ ඇමැති පන්නන්න රැකගන්න සටන් දෙකක්

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

I සංජීවිකා සමරතුංග

ගුරුවරිය දණ ගැස්සවීමේ චෝදනාවට ලක්ව අධිකරණයෙන් ඇප ලබා සිටින ඌව ප්‍රධාන ඇමැතිවරයා තනතුරින් ඉවත් කිරීම සඳහා වතුකරයේ එ.ජා.ප, ශ්‍රී.ල.නි.ප දේශපාලනඥයන් අතර ප්‍රබල මත ගැටුමක් හටගෙන ඇතැයි දේශයට වාර්තා වෙයි.

ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් වන නිමල් සිරිපාල, ඩිලාන් පෙරේරා ආදීන් මහ ඇමැති දසනායකට අසාධාරණයක් නොකළ යුතුය යන දැඩි මතයක පිහිටා කටයුතු කරන අතර පසුගියදා අධිකරණයට බාර වූ මහ ඇමැතිවරයාට ඇප ලබා ගැනීම සඳහා ද බදුල්ලේ ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයෝ තිරය පිටුපස විශාල කාර්යභාරයක් ඉටු කළහ.

ඒ අතර එ.ජා.ප.යේ හරීන් ප්‍රනාන්දු, වඩිවේල් සුරේෂ්, චමින්ද විජේසිරි ආදී මැති ඇමැතිවරු මෙම සිද්ධිය නිසා වතුකර ජනතාව කැළඹී සිටින බැවින් මහ ඇමැතිවරයා වහා ඉවත් කරන ලෙස රජයට බලපෑම් කරමින් සිටිති. මේ අර්බුදය මැතිවරණ පසුබිමේ ව්‍යාකූල තත්ත්වයට පත්කර නොගැනීම සඳහා දැනට කටයුතු ආරම්භ වී ඇත. නීතිමය කටයුතු හමාර වී නඩු තීන්දුව ලැබෙනතුරැ මහ ඇමැතිවරයාට එරෙහිව කිසිදු පියවරක් නොගත යුතු බව ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි දැනගන්නට තිබේ.