
I සංජීවිකා සමරතුංග
යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරුවන් වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර හටගෙන ඇති දේශපාලන ආරවුල සමතයකට පත්කිරීම සඳහා ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදුව ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සඳහා තානාපති අංශ උනන්දු කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ නායකයන් විසින් යැයි වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර විරසකය වැඩිවී රජය අකර්මණ්‍ය වුවහොත් එය යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට බාධාවක් වන නිසා කඩිනමින් මැදිහත්ව ප්‍රශ්නය විසඳන ලෙස තානාපති අංශයට ඔවුන් බලපෑම් කර තිබේ.
ඒ අනුව බටහිර ප්‍රබල රටවල් හතරක රාජ්‍ය තාන්ත්‍රිකයන් එ.ජා.ප.යේ සහ ශ්‍රී.ල.නි.ප.යේ නායකයන් අතර සාම කපුකමක් දියත් කළේය. එහෙත් තවමත් එයින් එක් පාර්ශවයක් සාමය සඳහා යහපත් ප්‍රතිචාර දක්වා නැතැයි දැනගන්නට ඇත.