2018 ජනවාරි 13 වන සෙනසුරාදා

පළාත් සභා සටනට ශ්‍රීලනිප-පොහොට්ටු හවුලක්

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

I සංජීවිකා සමරතුංග

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව කණ්ඩායම) එක්ව පොදු ලකුණකින් තරග කිරීම ගැන සාකච්ඡාවක් ආරම්භ කර ඇත.

මෙම සාකච්ඡාව දැනටමත් ඉහළ දේශපාලන මට්ටමින් සිදු කෙරෙන අතර ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලික අනුමැතිය හිමිව ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.