2018 ජනවාරි 06 වන සෙනසුරාදා

පෙන්නුවට වඩා කෝටි ගාණක් පාඩුයි - බන්දුල ගුණවර්ධන (බැඳුම්කර කොමිෂන් වාර්තාව)

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

බැඳුම්කර වාර්තාවේ අඩංගු කරුණු සියල්ලට එකඟ විය නොහැකි බවත් වාර්තාවේ සඳහන් පාඩුවට වඩා බිලියන ගණනක් මේ ගනුදෙනුවෙන් රටට පාඩුවී ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙය පාඩුව සරල අලාභයක් වන අතර මීට වඩා දැවැන්ත අලාභයක් රටට සිදුවී ඇති බව මෙම වාර්තාවෙන් හෙළිවී ඇති බව මන්ත්‍රීවරයා කීය. ඒ නිසා මීට වඩා පරීක්ෂාකොට පුර්ණ අලාභය රටට හෙළිකළ යුතු බව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.