2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

ඡන්ද කාර්යාල එක්කෙනාට එකයි

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

I සංජීවිකා සමරතුංග

එක් ඡන්ද අපේක්ෂකයකුට තමන්ගේ ඡන්ද බල ප්‍රදේශයේ එක් කාර්යාලයක් පවත්වාගෙන යාමට මැතිවරණ කොමිසම අවසර දී තිබේ.

මෙයට පෙර කොමිසම නියම කර තිබුණේ ඡන්ද අපේක්ෂකයන්ට නිවෙසේ පමණක් කාර්යාලයක් පවත්වාගෙන යාමට අවසර ඇති බවය. එහෙත් ඇතැම් අපේක්ෂකයන් තමන්ගේ ඡන්ද බලප්‍රදේශයෙන් පිටත ජීවත් වීම, ඇතැම් අපේක්ෂකයන් තට්ටු නිවාසවල හෝ හුදෙකලා තැන්වල පදිංචිව සිටීම නිසා නිවෙසේ කාර්යාල පවත්වාගෙන යාමට අපහසු වන බැවින් ඔවුනට තම ඡන්ද බලප්‍රදේශයේ එක් ස්ථානයක කාර්යාලයක් පවත්වාගෙන යාමට මැතිවරණ කොමිසම ඉඩ දී ඇත.