
I සංජිවිකා සමරතුංග
යෝජිත පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 06 දායින් පසුව පවත්වන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
ඊට හේතුවී ඇත්තේ මැතිවරණයේ ආරක්ෂාව සැපයීම් බාරව සිටින පොලිස් භටයන් 10,000ක් පමණ ජනවාරි 28 දින සිට පෙබරවාරි මස 4 දින දක්වා නිදහස් දින සංදර්ශන හා සේවා රාජකාරි සඳහා අනුයුක්ත කර තිබෙන බැවිනි. ඒ බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමට දන්වා ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවර නව ක්‍රමය යටතේ පැවත්වෙන පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඡන්ද මධ්‍යස්ථානවලදීම සිදුකිරීමට නියමිත බැවින් ඒ ස්ථානවලට වැඩිපුර විශේෂ ආරක්ෂාවක් යෙදිය යුතුව ඇතැයි පොලීසිය දැනුම් දී තිබේ. ආරක්ෂාව වඩාත් හොඳින් තහවුරු කිරීමට නම් ළඟ ළඟ ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක ඡන්ද පෙට්ටි එක් ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථානයකට එකතු කොට පොකුරු ඡන්ද මධ්‍යස්ථාන සකසා ඒවායේ ඡන්ද ගණන් කිරීමේ හැකියාව ඇත්දැයි සොයාබලන ලෙසද පොලීසිය යෝජනා කර ඇතැයි සඳහන්ය.