
I ගයාන් ගාල්ලගේ
එළඹෙන පළාත් පාලන මැතිවරණය ඇතැම්විට පෙබරවාරි 05 වැනිදාට පෙර පැවැත්විය හැකි බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පැවසීය. එම දිනය නිශ්චිතවම ලබන 14 වැනිදා ප්රකාශයට පත්කරන බවද හෙතෙම සඳහන් කළේය.
ඡන්දය පෙබරවාරි 05-17 අතර තැබීමට කලින් තීරණය කර ඇතත් ඇතැම්විට ඊට පෙරද ඡන්දය පැවැත්වීමට හැකි බව සභාපතිවරයා කීය. කෙසේවෙතත් ඡන්ද දිනය තීරණය කරන්නේ දේශපාලනඥයන් නොව කොමිසම බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.