I සංජීවිකා සමරතුංග
අලුතෙන් පත්කිරීමට යෝජිත අතුරුදන්වූවන්ගේ කාර්යාංශයේ (O.M.P.) සභාපති ධුරයට මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීන්දු කර තිබේ.
ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් නිර්දේශ කරන ලද මෙම කාර්යාංශය පත්කිරීම පසුගිය කාලය පුරාම ආන්දෝලනාත්මක පුවතක් බවට පත්විය. පසුව ඒ සඳහා වන ගැසට් පත්‍රයට ජනාධිපතිවරයා අත්සන් කළේය. මෙම කාර්යාංශය සඳහා සුදුස්සන් තෝරා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැවරුණ අතර ව්‍යවස්ථා සභාව ඒ සඳහා අයදුම්පත් කැඳවීමෙන් පසු සභාපති ධුරයට මහාචාර්ය ප්‍රනාන්දු තෝරා ගැනිණි. ඉදිරියේදී තවත් සාමාජිකයන් හය දෙනකුද කොමිසමට පත් කිරීමට යෝජිතය.