
l දේශපාලන වාර්තාකරු
මත්තල ගුවන් තොටුපොළ ඉන්දීය ආයෝජකයන්ට පැවරීම සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් නියම කරන ලද මිල ගණන් පිළිගත නොහැකි බව ඉන්දීය ආයෝජකයන් රජයට දන්වා ඇතැයි දේශයට වාර්තා වෙයි.
මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 230ක මුදලක් වැයවී ඇතැයි ව්‍යාපෘති වාර්තාවල සඳහන්ව තිබේ. එහෙත් දැන් එහි තක්සේරු වටිනාකම ඩොලර් මිලියන 400ක් බව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ගණනය කර ඇත.
දැනට ගුවන් මෙහෙයුම් පවා අඩාලව ඇති මෙම ගුවන් තොටුපොළ ඉදිකිරීමට වැයවූ මුදලට වැඩි තක්සේරුවක් සැකසීම තමන්ට පිළිගත නොහැකි බව ඉන්දීය ආයෝජකයන් විසින් ප්‍රකාශ කිරීම නිසා මත්තල ගුවන් තොටුපොළ ඉන්දීය ආයෝජකයන්ට පැවරීම ඇනහිට ඇතැයි දැනගන්නට තිබේ.